Thursday, June 8, 2023

Expressing What one feels

 Expressing What one feels

(යමෙකුගේ හැඟීමක් ප්‍රකාශ කිරීම)




01. Think

    •     I think so -     මම එහෙම හිතනවා.

Q.   Do you think so? -      ඔබ එහෙම හිතනවා ද?

N.   I don't think so -         මම එහෙම හිතන්නේ නැහැ.

NQ. Don't you think so? - ඔබ එහෙම හිතන්නේ නැද්ද?


01.He thinks of only himself.

 ඔහු හිතන්නේ තමා ගැන පමණයි.

02.What are you thinking about?

මොනවා ගැන ද ඔයා කල්පනා කරන්නේ?

03.Why do you think that I am angry with you?

ඇයි ඔයා හිතන්නේ, මම ඔයා එක්ක තරහයි කියලා?

04.You should think twice about this.

ඔබ මේ ගැන දෙවරක් සිතිය යුතුයි.

05.He has thought that today is a holiday.

ඔහු හිතලා තියෙන්නේ අද නිවාදු දවසක් කියලා.

06.He will think that I am a fool.

ඔහු හිතයි මම මෝඩයෙක් කියලා.

07.Who do you think  told this?

මේක කවුරු කිව්වා කියලද ඔබ හිතන්නේ?

08.Where do you think they are living now?

ඔවුන් දැන් කොහේ ජීවත් වෙනවා කියල ද ඔබ හිතන්නේ?

09. I don't think he does a job.

මම හිතන්නේ නැහැ ඔහු රැකියාවක් කරනවා කියලා.


       02. Feel

(දැනෙනවා/ හැඟෙනවා)

Subject + Feel + Adjective

01. We feel proud of you.

අපට ඔබ ගැන ආඩම්බරයක් හැගෙනවා.

02. I feel feverish today.

මට අද උණ ගතිය දැනෙනවා.

03. Do you feel giddy?

ඔබට හිස කරකැවෙන ගතියක් දැනෙනවා ද?

04. I don't feel abnormal.

මට අස්වාභාවික ගතියක් දැනෙන්නේ නැහැ.

05. I felt so sorry for him.

මට ඔහු ගැන හුගක් කණගාටු දැනුණා.


03. Feel like + 'ing'

(යමක් කරන්න හිතයි)


01. I feel like asking her about this.

මට ඒ ගැන ඇයගෙන් අහන්න හිතයි.

02. I feel like going home early today.

මට අද වේලාසන ගෙදර යන්න හිතයි.

03. Do you feel like giving up your effort?

ඔබට ඔබේ උත්සහය අතහරින්න හිතයිද?

04. I felt like embracing you at that time.

මට ඔබව ඒ වෙලාවේ බදාගන්න හිතුණා.

05. Why did you feel like speaking to him?

ඇයි ඔබට හිතුණේ, ඔහුට කතා කරන්න?


04. I have a feeling that....
(මට හිතෙනවා....)

01.I have a feeling that they will get married soon.  
 
මට හිතෙනවා ඒගොල්ලො ඉක්මනින් විවාහ වෙයි කියලා.

02.I have a feeling that they will invite us too.  

          මට හිතෙනවා ඒ ගොල්ලෝ අපටත් ආරාධනා කරයි කියලා.


03. I have a feeling that this will work.

          මට හිතෙනවා, මේක කෙරෙයි කියලා.



05. I am wondering...
(මම මේ කල්පනා කර කර ඉන්නේ....)

01. I am wondering why she is late.

          මම මේ කල්පනා කර කර ඉන්නේ, මොකද එයා පරක්කු කියලා.


02. I am wondering whether she will consent.

          මම මේ කල්පනා කර කර ඉන්නේ, ඇය කැමැත්ත දෙයිද කියලා.


03. I am wondering how to face him tomorrow.

          මම මේ කල්පනා කර කර ඉන්නේ, කොහොමද හෙට ඔහුට මුහුණ දෙන්නේ කියලා.


Tuesday, June 6, 2023

ඔබේ සිතුවිලි හැඩගන්වන්න

 

ඔබේ සිතුවිලි හැඩගන්වන්න




  • ආදරණීය බව හා කාරුණික බව

සැබෑ උසස් පුද්ගලයන් කිසි විටෙක ලොකුකම් ලොකුවට නොසිතයි. ලොකු කමක් මවා ගත්තාට වැඩක් නැත. ඔබ කියන දෙයක් නොකර සිටීමට බැරි අන්දමින් ඔබ හැසිරිය යුතුය. ඒ සදහා ආදරණීය වන්න. කාරුණික වන්න. එවිට ඔබට මුළු ලෝකයක් උවත් ඔබ වෙත නතු කර ගත හැකි ය.

  • නැති බැරි අයට පිහිට වීම

කිසිදු වාසියක් නොලැබෙන බව සිතා නැති බැරි අයට උදව් කිරීමට මිනිසුන් මැලිකමක් දක්වයි. යම් පරිත්‍යාගයකින් ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නම් මිනිසුන් අසරණයන්ට පිහිට වෙති. එහෙත් උවමනා නැති දේවලට මිනිසුන් බොහෝ වියදම් කරයි. බොහෝ දෙනා සිතන පරිදි තත්ත්වය කියන්නේ මුදල් නොවේ.

  • සිතින් ගතින් පිරිසිදු වන්න

උපතින්ම කිසි කෙනෙකු පිරිසිදු නොවේ. අප අපගේ ශරීරය පිරිසිදුව තබා ගැනීමට හැමවිටම උත්සාහ දරයි. ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට ද පිරිසිදු බව බලපානු ලබයි. අප මව්කුසින් එළියට පැමිණෙන්නේ කිලිටි පුද්ගලයන් වශයෙනි. එහෙත් එම කිලිටි බව සමහර පුද්ගලයන් ජීවිත කාලය පුරාම තබා ගනී. එයින් ඔවුන් ඔවුනට සේම සමාජයට ද අයහපත උදා කරයි. මේ අයහපත් බවට හේතුව සිතේ උපදින සිතුවිලි ය. සිතුවිලි යහපත් වේ නම් තමාට මෙන්ම අනෙකාට ද හොදක් සිදු වෙයි. ඔබත් ඔබගේ සිත පිරිසිදු කරගන්නට සිතුවිලි උපයෝගී කරගන්න.

  • ඉවසීම

නිමේෂයක කෝපයක් නිසා ඔබට බොහෝ කාලයක් සිත් තැවුලෙන් සිටීමට සිදු වන අතරම බොහෝ පාඩු විදින්නට ද සිදු වෙයි. කෝපයක් ඇති වූ විට ඉවසන්න. තවත් ඉවසන්න. දරාගත නොහැකි කෝපයක් ඇති වූ විට තවත් ඉවසන්න. එමගින් ඔබට සැනසීමක් හිමි වනු නියතය. සිත් තැවුල් ඇති වන්නේ ඉවසීමක් නැති වූ විට ය.

  • ඊර්ෂ්‍යාව සුව කළ නොහැකිය

ඊර්ෂ්‍යා කරන්නේ තමන්ට වඩා සතුටින් හා දියුණු වී සිටින අයට ය. යම් අයෙකු කතා බහ කරද්දී අනෙක් අයගේ දොස්ම කියයි නම් ඔහුගේ සිතෙහි ඊර්ෂ්‍යාව වැපිරී තිබේ. ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රවේශම් විය යුතුම ය. මන් ද වෙනත් අය හා කතා කරද්දී ඔහු හෝ ඇය ඔබ ගැන ද එවැනිම වැරදි කියමින් කතා කරනු නිසැක ය.

  • අඩුවෙන් කතා කරන්න

හිතවත්කම අඩු බොහෝ මිතුරන් ඇති වන්නේ ඔබ වැඩිපුර කතා කරන වාචාලයකු වන නිසා ය. බුද්ධිමත් අය ඉදිරියේදී අවශ්‍ය වැදගත් දෙය පමණක් කියා අසන්නාට ද කතා කිරීමට අදහස් ඵල කිරීමට අවස්ථාවක් ලබා දෙන්න. යමක් විකුණන්නට පැමිණෙන අයකු බොහෝ සෙයින් කියවයි. මිතුරු වෙයි. ඒ භාණ්ඩය අලෙවි කිරිමට වාචාලයෙකු සේ කියවූ නිසාවෙනි.
 

Thursday, June 1, 2023

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ

 හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ




කොග්ගල මහා ප්‍රාඥයා නමින් විරුදාවලි ලත් මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමා හේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගල්ල බලපිටිය ලියනගේ නොච්චිහාමි යන යුවලගේ එකම දරුවා ලෙස කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. නවකතා කරුවෙක්, කෙටිකතා කරුවෙක්, විචාරකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් වන මාර්ටින් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකීය සාහිත්‍ය කලාවේ නවමු පෙරළියක් ඇති කරමින් සිදු කළ සේවය අනර්ඝය.

 

මොහු වයස අවුරුදු පහේදී සිය නිවසේදී සහ පන්සලේ හාමුදුරුවන්ගෙන් අකුරු උගත්තේය. අවුරුදු 2 කට පසු ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කරනු ලැබූ අතර එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන්ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මිය යාමෙන් අනතුරුව නැවතත් අහංගම පිහිටි පාසලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී ඉගැනීම කෙරෙහි තිබූ උනන්දුව වියැකී ගියේය. පොත්පත් කියවා ස්ව උත්සාහයෙන් ලබාගත් පුළුල් දැනුම හා ජනතාවගේ වෙනස් වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය මොහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.

 

වික්‍රමසිංහ මහතා සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ 1914 දී ලීලා  නවකතාව එළි දක්වමිනි. එමෙන්ම 1919 දී සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන යන කෘතීන් පළ කළහ. සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදා ගනිමින් තක්සේරු කිරීමයි. 1940 ගණන් පුරාවට සාහිත්‍ය විචාරකයෙකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාව ද වික්‍රමසිංහ මහතා ඉටු කළේය. ලක්වැසියා, ලක්මිණ, සිළුමිණ, දිනමිණ ආදී පුවත්පත්හි ද කතෘ ධූරයන් දරන ලද අතර 1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙන් අකුරු ඉගෙනීම මුලින්ම කළ අතර මේ කාලය තුළදී "බාලෝපදේශය" නැමති එතුමාගේ පළමු ග්‍රන්ථය පළ කෙරිණි. නැවත 1904 දී අහංගම සිංහල පාසලට ගිය ඔහු 1906 දී නැවතත් පාසලින් අස් වී කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ ලියන්නෙකු ලෙස රැකියාවේ නියුතු විය.

 

 
"මාගේ කය වැඩුණේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුනාක් මෙනි. සිත වැඩුනේ වෙනස් විදියකිනි. උසස් විදුහලකින් හෝ පඬිවරයෙකුගෙන් හෝ පිළිවෙලින් උගැන්මක් නොලත් මා දැනුම ලැබූයේ අද්දැකීමෙන් හෝ ආසාවෙන් පොත් කියවීමෙනි." යනුවෙන් 'උපන්දා සිට' කෘතියෙන් ඔහු තමන්ගේ අධ්‍යාපනය පිළිබඳ සඳහන් කරමින් වික්‍රමසිංහ මහතා 'සාහිත්‍ය චක්‍රවර්තී' සම්මානය සහ 'ජනාධිපති සාහිත්‍ය සම්මානය' හිමිකර ගත්තේ ය. මීට අමතරව 'බ්‍රිතාන්‍ය සම්මානය'ද හිමි කරගෙන තිබුණි. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, ශූරීන් 1976 ජූලී මාසයේ දී අභාවප්‍රාප්ත විය.

 

වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය සේවාව නවකතා, කෙටිකතා, විද්‍යාත්මක කතා, සතුන් පිළිබඳ අධ්‍යාපනය, විචාරය ආදී විවිධ තලයන් ඔස්සේ විහිදී යයි. එහෙත් ඔහු වඩා ප්‍රකට වූයේ නවකතා කරුවෙකු ලෙසයි. සිංහල නවකතා ඉතිහාසයේ වැදගත්ම ලේඛකයා ලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතා හැඳින්වේ. මොහු එසේ හඳුන්වන්නට හේතු වූයේ 1944 දී පළ වූ 'ගම්පෙරළිය' නව කතාව තුළින් මෙරට එතෙක් තුබූ නව කතා සාහිත්‍ය වෙනස් මගකට යොමු කිරීම නිසා ය. මෙරට සාහිත්‍ය පෝෂණය කිරීමෙහි ලා මොහු විසින් ග්‍රන්ථ රාශියක් දායාද කරන ලදී.

 

ළමා කෘති, ජීව විද්‍යා කෘති, අතිරේක කියවීම් පොත්, නවකතා, කෙටිකතා, නාට්‍ය, සාහිත්‍ය විචාර, විචාර ග්‍රන්ථ යනු ඒවා ය. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යන තුන් ඈදුතු නවකතා, රෝහිණී, මිරිඟුව, සීතා, උපන්දා සිට, ලීලා, අයිරාංගනී, කළුනික සෙවීම, භව තරණය, විරාගය, සෝමා, අපේ ගම යනාදිය නවකතා අතර වේ. එමෙන්ම කාව්‍ය විචාරය සහ ගැහැණියක්, පව්කාරයාට ගල් ගැසීම, මගුල් ගෙදර, හද සාක්කි කීම, මුදියන්සේ මාමා, මගේ කතාව, වහල්ලු යන කෙටි කතා ද ඒ අතර වෙයි.

විරැකියාව


දිනෙන් දින හිස ඔසවන විරැකියාව






විරැකියාව යනු කුමක්ද?

විරැකියාව සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ අධ්‍යාපනය නොලබන සහ වැඩ නොකරන විට ඇතිවන තත්වය ලෙසයි. ඊට අනුව මෙම පුද්ගලයා වයස අවුරුදු 16 ත් 65 අතර වේ. මෙම පුද්ගලයා අර්ධ කාලීන රැකියාවක් නොකරන අතර ඔවුන් නිදහස් සේවකයෙකු ලෙස සේවය නොකරයි. මෙම පුද්ගලයා ද ක්‍රියාශීලීව රැකියාවක් සොයමින් සිටී. විරැකියාව යනු රටක සිටින සියලූම මිනිසුන් ක්‍රියාශීලීව රැකියාවක් සොයන නමුත් එකක් සොයා ගැනීමට නොහැකි වීමයි.

විරැකියා අනුපාතය

ඉහළ විරැකියා අනුපාතයක් තිබීම ආර්ථික වර්ධනයට සහ පොදුවේ නිෂ්පාදනයට ඇති හැකියාව අඩු කරන ගැටලු මාලාවකි. ඊට අමතරව අධෛර්‍යය කිරීම මානසික අවපීඩනය, බලාපොරොත්තු සුන්වීම, දරිද්‍රතාවය, සියදිවි නසාගැනීම් වැනි මානසික හා සමාජීය බලපෑම් මාලාවක් ද එහි අඩංගු වේ. විරැකියා අනුපාතය අනෙකුත් ආර්ථික, සමාජ හා දේශපාලන අංශවලට සම්බන්ධ අතිශය වැදගත් දර්ශකයකි. විරැකියා අනුපාතය පහත පරිදි ගණනය කෙරේ.
 
සේවා නියුක්තිකයන්  * 100   =   සේවා වියුක්තිකයන්

Expressing What one feels

  Expressing What one feels (යමෙකුගේ හැඟීමක් ප්‍රකාශ කිරීම) 01. Think     I think so -     මම එහෙම හිතනවා. Q.   Do you think so? -      ඔබ එ...